විදුහල්පති පණිවිඩය
පදවි මහසෙන් නවෝද්‍යා මහ විද්‍යාලය (ජාතික පාසල)
D.D.T. JAYAWEERA

අ/ පදවි මහසෙන් මහා විද්‍යාලය උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අංක 2 නව නගරය පදවිය ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පිහිටා ඇත මෙය අනුරාධපුර පදවි ශ්‍රීපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති අතර අක්කර 11කින් සමන්විත භූමි ප්‍රමාණයකින් සමන්විත වේ
වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පයට අනුගත වන බෞද්ධාගමික නැඹුරුවක් ඇති සදාචාර සම්පන්න යහපත් පුරවැසියන් ගෙන් සමන්විත පරිසරයක් වන හෙයින් පාසලේ වැඩි මනක් දරු පිරිස ඉතා සාමකාමී ගුණගරුක සිසු පරපුරක් අප පාසලේ ඉගෙනුම ලබන අතර කලහාකාරී විසමාචාර ක්‍රියාවන්වල යුත්ත වන දරුවන් ද අඩු වශයෙන් සිටින බව හඳුනාගත හැකි අතර පාසලේ උපදේශන සේවා හා ආගමික සංස්කෘතික වැඩසටහන් තුලින් එම දරුවන් ද යහපත් ආකල්පවලින් පරිපූර්ණත්වයට පත් වන බව සතුටට කරුණකි.
විශේෂයෙන්ම කෘෂිකාර්මික ජීවන රටාවක් පවතින හෙයින් මෙහි ජනතාව වැඩි වශයෙන් ගොවිතැන් කටයුතු වලින් ද, ධීවර කර්මාන්තයෙන් ද, වෙනත් වෘත්තිය මාර්ග වලින්ද තම ජීවිත ගෙවන අතර තරමක් යහපත් ආර්ථික මට්ටමක් ජනතාව අතර පවතින බව හඳුනාගත හැකි අතර අඩු ආදායම් ලබන, දරිද්‍රතාවයෙන් පෙළෙන හා දෙමාපිය අරගල දෙමාපිය අහිමි වීම්, මව රට යෑම, යන කාරණා තුළින් පීඩාවන්ට පත් වූ දරුවන්ද පාසල තුළින් හඳුනා ගැනීමට හැකියාව ලැබේ.
එවැනි දරුවන් තුළින් දිනපතා පාසල් නොපැමිණීම , කලහකාරීත්වය, ඉගෙනීමේදී පසුබෑම වැනි ගැටළුද පවතින බවත් එවැනි දරුවන් හඳුනා ගෙන ඒ අය වෙනුවෙන් ද විවිධ ක්‍රියාමාර්ග ගෙන කටයුතු කරමින් යහපත් ගුණගරුක දරු පිරිසක් පාසලෙන් බිහි කිරිම අප පාසලේ අරමුණයි

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
පදවි මහසෙන් නවෝද්‍යා මහ විද්‍යාලය (ජාතික පාසල)