හැඳින්වීම
අ/ පදවි මහසෙන් මහා විද්‍යාලය උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අංක 2 නව නගරය පදවිය ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පිහිටා ඇත.මෙය අනුරාධපුර පදවි ශ්‍රීපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති අතර අක්කර 11කින් සමන්විත භූමි ප්‍රමාණයකින් සමන්විත වේ.
ඉතිහාසය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පදවිය කොට්ඨාසයට අයත් අප පාසල මේ වන විට සිසුන් වැඩිම පිරිසක් අධ්‍යාපනය හදාරන පදවිය කොට්ඨාසයේ ප්‍රධානතම පාසලයි.1959 වර්ෂයේ මැයි මස 19 වන දින ආරම්භ වූ මෙම පාසලෙහි එවකට බෞද්ධ මහා සම්මේලනයේ අනුශාසක පිහිඹියගොල්ලෑව ධම්මාලෝක හිමියන්ගේ පුරෝගාමීත්වය යටතේ සිසුන් 25ක් ගෙන් ආරම්භ කළ මෙහි මුල්ම ගුරුවරයා ලෙස එච් ජී පියදාස මහතා සේවය කර ඇති අතර 1961-10-11 දින මෙම පාසල රජයට පවරා ගැනීමෙන් පසු 1966 දී එකොලොස් දෙනකුගෙන් සමන්විත ගුරුමණ්ඩලයකින් සැදුම්ලත් අතර මුල්ම විදුහල්පති ලෙස ආර් ඩබ්ලිව් රාජපක්ෂ මහතා කටයුතු කළ අතර එවකට 331 කින් සමන්විත ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ මෙම පාසල මේ වන විට සිසුන් 1000 ට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරන අතර අද මෙම පාසල ජාතික පාසලක් බව පවසන්නේ මහත් ආඩම්බරයෙනි.
2017 වර්ෂයේ සිට ප්‍රාථමික අංශය අප පාසලෙන් ඉවත්ව වෙනම පවත්වාගෙන යන අතර දැනට 6-13 දක්වා ශ්‍රේණි පාසලේ ක්‍රියාත්මක වේ 2016 වර්ෂය දක්වා පාසලේ උසස් පෙළ අංශය පැවතියේ කලා හා වාණිජ අංශයේ විෂය ධාරාවන් පමණි. නමුත් 2017 වර්ෂයේ සිට පාසලේ දුවා දරුවන්ට විද්‍යා විෂය ධාරාවෙන් ද අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා කරමින් උසස් පෙළ සඳහා විද්‍යා විෂය ධාරාව ආරම්භ කරන ලදී. ඒ අනුව 2019 වර්ෂයේ විද්‍යා අංශයෙන් සිසු සිසුවියන් හත්දෙනෙකු අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ලද අතර එයින් පස්දෙනෙකු විභාගය සමත් විය ඉන් දෙදෙනෙකු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ද සුදුසුකම් ලබා ඇත.එමෙන්ම තවදුරටත් දරුවන්ට ඉගෙනුම් අවස්ථා පුළුල් කිරීම සඳහා 2021 වර්ෂයේ සිට උසස් පෙළ සඳහා ගණිත විෂය ධාරාව ද ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
සෑම වසරකම තා විශිෂ්ට ප්‍රතිඵල පෙන්වන අප පාසල ප්‍රදේශය තුළ කීර්ති නාමයක් උසුලන රටට උගතුන් රාශියක් බිහි කළ පාසලකි.දැනට ජාතික පාසලක් බවට නිර්දේශ කර ඇති මෙම පාසල කලාපය තුළ දිදුලන පාසල බවට පත්කළ හැකි යැයි අප කාගෙත් අපේක්ෂාවයි.
| පාසල ආරම්භ වූ දිනය | 1959 වර්ෂයේ මැයි මස 19 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961-10-11 |
| ජාතික පාසලක් වූ දිනය | 2021.03.31 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 01282 |
| සංගණන අංකය | 19081 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 11 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | කැබිතිගොල්ලෑව |
| කොට්ඨාසය | පදවිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පදවිය |
| ග්‍රාම සේවක වසම | පදවිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 28 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 951 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 40 |
| පාසලේ වර්ණය | තද නිල් |