අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

අ/ පදවි මහසෙන් මහා විද්‍යාලය උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අංක 2 නව නගරය පදවිය ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පිහිටා ඇත මෙය අනුරාධපුර පදවි ශ්‍රීපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති අතර අක්කර 11කින් සමන්විත භූමි ප්‍රමාණයකින් සමන්විත වේ
සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

