නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පදවි මහසෙන් මහා ජාතික පාසල
සියවසකට අධික කාලයක් පුරා ගුණ නැණ බෙලෙන් යුතු දුවා දරුවන් රැසක් දැයට දායාද කරමින් ප්‍රදේශයේ කිර්තියට පත් කැබිතිගොල්ලෑව කලාපයේ පිහිටි අ/පදවි මහසෙන් මහා විද්‍යාලයේ වත්මන් නියෝජ්‍ය විදුහල්පති ලෙස මෙලෙස සුභාශිංසන එක් කිරීමට ලැබීම භාග්‍යක් කොට සලකමි.සියළු සංස්කෘතින්ට ගරු කරමින් විවිධ ඡනවර්ගවලට අයත් ප්‍රදේශයේ දුවා දරුවන් රැසක් එකම විදුමව් තුරුලක රදවා ගනිමින් දැනුම ආකල්ප කුසලතාවන්ගෙන් පිරිපුන් අනාගත අභියෝග ඡයගත හැකි අභිමානනීය පුරවැසියන් ලෙස දැයට දායාද කරන්නට වෙර දැරූ අප මහසෙන් විද්‍යාලයේ හිටපු ගුරු මව් පියවරුන් මෙන්ම වත්මන් ඇදුරු මඩුල්ල සිහිපත් කරනුයේ ගෞරව පූර්වකවයි.විදුබිමෙන් එපිට සයිබර් ලොව නිවැරදිව නිරවුල්ව පියාසලා තාක්ෂණ ලොව ඡයගෙන අනාගත අභිවෘද්ධිය සලසා ගන්නට මහසෙන් විද්‍යාලීය දූ දරුවන්ට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි...
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
නියෝජ්‍ය විදුහල්පති,
පදවි මහසෙන් මහා විදුහල